ඓතිහාසික දිඹුලාගල කඳුවැටියෙන් හමුවූ විශාලතම සෙල්ලිපිය පිටපත් කර කියවීමෙන් පසු විශාලතම කාර්යභාරය වන එය ආරක්ෂා කිරීම,තෙමීම සහ දියසෙවල බැඳීම වැලැක්වීමට වහලයක් සැකසීම,මෙන්ම ඊට විදුලි සම්බන්ධතා ලබාදීම, මාර්ගයක් සැකසීම කටයුතු කිරීම කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්යක්ෂ එම්.ජී.රත්නපාල මහතා සඳහන් කළේය.
එහෙම සෙල්ලිපිය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු යොදවා ඇති අතර එය නැරඹී මට අවශ්‍ය නම් අනන්‍යතාවය සහතික කර නැරඹිය හැකි බවත්, එහෙත් සෙල්ලිපියේ ආරක්ෂාව සඳහා සවස් කාලයේ එය නැරඹීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කර ඇති බවද රත්නපාල මහතා කීවේය.
දිඹුලාගල සෙල්ලිපිය පිළිබඳ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ සහ යූ ටියුබ් හරහා විවිධ වැරදි ප්‍රචාරය සිදුවන බවත්, දිඹුලාගල සෙල් ලිපියෙන් කියවෙන කරුණු මෙතෙක් හෙළි කිරීමට නොහැකි බවත්, එය පිටපත් කර අවසන් වුවද කියැවීමේ කටයුතු සිදුවන්නේ කොළඹ අභිලේඛන අංශය මගින් සිදු කරන බවත්, ඊට තව දින කිහිපයක් ගත වනු ඇත බවද රත්නපාල මහතා අප කළ විමසීමකදී පැවසීය.
දිගින් අඩි පනහකින් සහ උසින් නවයකින් යුත් මෙම සෙල්ලිපිය පිටපත් කිරීම් සඳහා විශාල කඩදාසියක් නොමැති නිසා කඩදාසි කිහිපයක් අලවා පිටපත් සිදුකළ බවත්, ඒවා නැවත එකිනෙකට පිළිවෙලකට අහනවා ගනිමින් කියවීමට සිදුවන නිසා කොළඹ අභිලේඛන අංශයට තව සතියක්, දෙකක්, ඒ සඳහා ගත වනු ඇති බවද රත්නපාල මහතා සඳහන් කළේය.
ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් හමුවූ මෙම සෙල්ලිපිය සැප්තැම්බර් 26 වෙනිදා සිට දින 12 කට ආසන්න කාලයක් තුළදී නිලධාරීන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටපත් කිරීමේ කටයුතු කර අවසන් කළහ.
එම සෙල්ලිපිය මී කැඩීමට ගිය තරුණයන් දෙදෙනෙකු විසින් දැක අනතුරුව ඒ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දිඹුලාගල නාමල්පොකුණ කාර්යාලයේ නිලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව එම පුරාවිද්‍යා නිලධාරීන් පොලොන්නරුව සහ කොළඹ කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඒ පිළිබඳ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සෙල්ලිපිය සොයා ගනු ලැබීය.
දිඹුලාගලින් හමු වූ ශ්‍රි ලංකාවේ විශාලතම සෙල්ලිපිය පිළිබඳ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ හා විවිධ අයවලුන් වැරදි ප්‍රචාර හා අර්ථ කථන සිදු කරන බවත්, දිඹුලාගල කඳු වැටියෙන් හමුවූ එම විශාලතම සෙල්ලිපියේ සියලු තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන් දැනුවත් කිරීමෙන් පසු මාධ්‍ය මගින් හෙළි කරන බවද ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අප සමග සඳහන් කළහ.
