2023 වසරේ දී මෙරට පලතුරු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 12.8ක් ( මෙට්‍රික් ටොන් 1,283,039) දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
එම වාර්තා සඳහන් කරන පරිදි මෙරට වාර්ෂික පලතුරු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 19.6ක් (මෙට්‍රික් ටොන් 196,9371කි) වන අතර පලතුරු අපනයනය ද 2023 වසරේ ඉහළ ගොස් තිබේ. ඒ අනුව පලතුරු මෙට්‍රික් ටොන් 38,201ක් අපනයනය කර ඇති බව සඳහන්ය.
2023 පලතුරු නිෂ්පාදනය ඉහළ යෑම පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප්‍රධාන වශයෙන් කෙසෙල්, අඹ, අන්නාසි හා පැපොල් නිෂ්පාදනය ඉහළ යාම කැපී පෙනෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව වර්ෂ 2027 වනවිට කෙසෙල් නිෂ්පාදනය හෙක්ටෙයාර් එකකට මෙට්‍රික් ටොන් 19.5ක් දක්වාත්, අඹ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 9.5ක්, පැපොල් මෙට්‍රික් ටොන් 45ක්, අන්නාසි මෙට්‍රික් ටොන් 14ක් සහ වැල් දොඩම් මෙට්‍රික් ටොන් 30ක් දක්වාත් ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
ඒ සඳහා ප්‍රභේද අභිජනනය, දෙමුහුම් ප්‍රභේද අභිජනනය, අධි ඝනත්ව වගාව, ඒකාබද්ධ පළිබෝධ පාලනය, ශාක පෝෂක හදුන්වාදීම, අසු අස්වනු හානිය අවම කිරීම සහ අගය එකතු නිෂ්පාදන තාක්ෂණය හඳුන්වා දීම වැනි තාක්ෂණික පියවර රැසක් සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්යක්ෂ ජනරාල් ආචාර්ය කමනී රණතුංග මහත්මිය ප්‍රකාශ කළාය.