නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වි මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සහ කල රුසියානු ජාතිකයන් දෙදෙනෙකු වනජිවි නිලධාරින් විසින් ඉකුත් (28) දින අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකාර විදේශිකයන් දෙදෙනා (02) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝ කර තිබිණ.
(02) දින සැකකරු රුසියානු ජාතිකයන් දෙදෙනා ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේ සැකකරුවන් දෙදෙනා (03) දින දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ඇඹිලිපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නියෝ කර ඇත.
සැකකාර රුසියානු ජාතිකයන් දෙදෙනා ඉකුත් (19) දින දිවයිනට පැමිණ එම වනාන්තර වෙත ගොස් මෙරටට ආවේනික වද විමේ තර්ජනයට ලක් වි ඇති ආරක්ෂිත උභය ජිවින්, උරගයින් ඇතුළු සත්ව විශේෂ 197 ක් පමණ ඔවුන් විසින් අල්ලා සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක සගවා ඇත.
ඒ පිලිබදව වනජිවි දෙපාර්තුමේන්තුව වෙත ලද තොරතුරක් මත වනජිවි නිලධාරින් පිරිසක් (28) දින සිංහරාජ රක්ෂිතය වෙත ගොස් සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් විසින් අල්ලාගෙන සගවා තිබු සත්ව විශේෂ 197ක් සොයා ගැනිමට සමත් වි ඇත.