ලංකාවේ ගුවන් තොටුපොළ තුනක කළමනාකරණය ඉන්දීය ප්‍රම්‍රඛ පෙලේ ව්‍යාපාරික ජාලයක් වන අදානි සමූහයට පැවැරීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා ඉන්දියාවේ මුම්බායි නුවර පැවැති වැඩසටනකදී ඉන්දියාවේ ද හිනු්දු පුවත් පතට මේ බව පවසා තිබේ.
මේ අනුව කටුනායක ගුවන් තොටුපොළ, මත්තල ගුවන් තොටුපොළ, රත්මලාන ගුවන් තොටුපොළ යන ගුවන් තොටුපොළ තුනේ පරිපාලනය මෙසේ අදානි සමූහයට පැවැරීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පවතින පිබිදිම අනුව මෙම ගුවන් තොටුපොළ මෙසේ අදානි සමූහයට පැවැරීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ වී ඇති අතර පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 1.48ක් පැමිණියේය.