මෙරට කාන්තාවන්ගෙන් 46 % ක් සහ පාසල් යන දරුවන්ගෙන් සියයට 10 % ක් බර වැඩි බවත්, කාන්තාවන්ගේ ආයු කාලය අවුරුදු 83 දක්වා වැඩි වී ඇති බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
“තෙවන ඇසට සුවය සදමු” ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් උදෙසා පිදෙන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදියරේ සමාරම්භය අද (07) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික රුපවාහීනි සංස්ථා පරිශ්‍රයේ දී එහි කාර්ය මණ්ඩලය මුලික කර ගනිමින් ආරම්භ කරන්නට යෙදුනි.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ සංවිධාන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය විසින් සිදු කරනු ලැබීය.
මෙහිදී පැවැති සමාරම්භක උත්සවයේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ අද දින ජාතික රූපවාහිනී සංස්ථාවෙන් ආරම්භ කරන ලද නව මෙම වැඩපිළිවෙල මෙතැන් සිට සියළු මාධ්‍ය ආයතන තුල ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවයි.
අද මෙරට මරණ වලින් සියයට 89 ක් පිළිකා, හෘද වස්තුවේ රෝග, පෙණහළු රෝග සහ දියවැඩියාව යන බෝ නොවන රෝග නිසා සිදුවන බවත්, එයිනුත් වැඩි මරණ ප්‍රමාණයක් සිදු වන්නේ හෘද වස්තුවේ රෝග සහ ආඝාතය නිසා බවත්, වසරකට 60,000 ක් පමණ ආඝාතයට ලක්ව 4000 ක් පමණ මියයන බව ද පැවැසීය. මෙම රෝග වලින් වැළැකීමේ දි කාරණා 04 ක් ගැන දැනුවත් විය යුතු බවත්, එනම් දුම්පානය, මධ්‍යසාර භාවිතය, අධික ලෙස සීනි, ලුණු භාවිතය සහ ව්‍යායාම නොකිරිම පෙන්වා දිය හැකි බව ද පැවසිය.
පසුගිය ශතවර්ෂය තුල ලෝකයේ මිලියන 100 ක් දුම්පානය නිසා මරණයට පත්ව ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මෙම ශතවර්ෂය තුල ද එම ප්‍රවණතාවයම පැවතුන හොත් බිලියනයක් දුම්පානය නිසා මරණයට පත්වනු ඇතැයි අනුමාන කරන බව ද පැවසිය. ලෝකයේ වසරකට මිලියන 10 ක් පමණ දුම්පානය නිසා මරණයට පත්වන බව ද කීය. ව්‍යායාම නොකිරිම නිසාම මිලියන 1.4 ක් පමණ ලෝකයේ මරණයට පත්වන බවත්, අප රටේ සියයට 46 ක් පමණ කාන්තාවන් බර වැඩි බව ද, පාසල් යන දරුවන් සියයට 10 ක් පමණ බර වැඩි බව ද පැවසිය.
මෙරට සෞඛ්‍ය සේවාව කළාපයේ හොදම සෞඛ්‍ය සේවාවක් පවතින රට බවත්, අවම මාතෘ හා ළදරු මරණ අනුපාතිකයක් තිබෙන රට බවත්, කාන්තාවන් සදහා ආයු කාලය අවුරුදු 83 දක්වා වැඩි වි ඇති බවත් ඇමරිකාවටත් වඩා ඉහළින් සිටින බවද මේ සියල්ලටම හේතුව ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භවය හේතු වී ඇති බව ද පැවසිය.