ශ්‍රී ලංකාව තුළ HIV ව්‍යාප්තිය ඉහළ යමින් පවතින හෙයින් කඩිනමින් පරීක්ෂණ වෙත යොමු වන ලෙස ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම වැඩසටහන අවධාරණය කරන්නේ මෙරට තුළ නව HIV සමඟ ජීවත්වන පුද්ගලයන්ගේ කැපීපෙනෙන වර්ධනයක් මෑත කාලයෙහි දක්නට ලැබී ඇති බවයි.
ඒ අනුව 2024 වසර තුළ පමණක් නව HIV සමග ජීවත්වන පුද්ගලයන් 824 ක ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එම පුද්ගලයන් ගෙන් 718ක් පිරිමි පුද්ගලයෝ වෙති.
එසේම වයස අවුරුදු 15-24 ත් අතර වයස් කාණ්ඩයේ නව HIV සමඟ ජීවත්වන පුද්ගලයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලයෙහි දක්නට ලැබී ඇත. ඒ අනුව 2024 වසරෙහි පමණක් අවුරුදු 15-24 ත් වයස් කාණ්ඩයේ නව HIV සමග ජීවත්වන පුද්ගලයන් 115ක් හඳුනාගෙන තිබේ.
එසේම2024 වර්ෂයේ දී වාර්තා වී ඇති ඒඩ්ස් මරණ ගණන 47 කි. 2023 වර්ෂය හා සැලකීමේදී එම AIDS මරණ 20% කින් පහළ ගොස් ඇත.මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.aidscontrol.gov.lkවෙබ් අඩවියෙන් ලබා ගැනීමේ හැකියාව පවතී.