ඉන්ධන වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිකරමින් තවත් විදේශීය සමාගමක් වන ඔස්ට්‍රේලියාවේ "United Petroleum "ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට අවතීර්ණ වී තිබේ. එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වනදා අත්සන් කර බව සඳහන් වේ.
දැනට මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් එම සමාගම ට පැවරීමට නියමිත අතර තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ඔවුන් විසින් ස්ථාපනය කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා ඔවුන් විසින් "United Petroleum Lanka PVT LTD" නමින් සමාගමක් ලියාපදිංචි කර තිබේ.
එම සමාගම නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ
කසුන් රණසිංහ