ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන දරුණු ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාවට එයින් සිදුව ඇති බලපෑම පිළිබඳව ලෝක බැංකුව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඖෂධ, ගෑස්, පොහොර, පාසල් ළමුන් සඳහා ආහාර සහ දිළිඳු හා අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සඳහා මුදල් හුවමාරු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය මඟහරවා ගැනීම සඳහා ලෝක බැංකු ණය යටතේ සැම්පත් නැවත සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවද එම බාංකුව පවසයි.
මේ දක්වා ලෝක බැංකුව විසින් හදිසි අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් පමණ ලබා දි ඇති බවත් මීට අමතරව, දැනට ක්‍රියාත්මක වන අනෙකුත් ව්‍යාපෘති මූලික සේවාවන්, ඖෂධ සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීම, පාසල් ආහාර වැනි කටයුතු සඳහා අඛණ්ඩව සහාය දක්වන බවද එම ආයතනය පවසයි.
සම්පත් දිළිඳුම සහ වඩාත් අවදානමට ලක්විය හැකි අය වෙත ළඟාවීම සහතික කිරීම සඳහා ශක්තිමත් පාලනයන් සහ විශ්වාසනීය අධීක්ෂණයක් ස්ථාපිත කිරීමට ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කරමින් සිටන බවත් එය සමීපව නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යන බවත් බැංකුව පවසයි.
ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා උපරිම සහයෝගය ලබාදීම සඳහා අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සම්බන්ධීකරණය කරන බවත් ලෝක බැංකුව සඳහන් කරයි.
ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බවත් මේ සඳහා ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරන ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රකෘතිය සහ සංවර්ධනය, ඔරොත්තු දීම සහතික කිරීම සඳහා අර්බුදය නිර්මාණය කළ මූල ව්‍යුහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීම ද අවශ්‍ය බව ලෝක බැංකු නිවේදනයේ දැක්වෙයි.