ශ්‍රි ලංකාව තුළ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව එම බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්යක්ෂ ෆරීස් එච්. හදාද් - සාවෝ (Faris H. Hadad-Zervo) මහතා පවසයි.
ශ්‍රි ලංකාවට ඉදිරි කාලයේදී ඩොලර් මිලියන 700ක් ලබාදිමට ලෝක බැංකුව සූදානම් බවට පළවන මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ඔහු මේ බව පවසයි.
ලෝක බැංකුවේ මෙරට නේවාසික නියෝජිතවරිය හා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර පැවැති හමුවකින් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ඉදිරි කාලසීමාවේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වූ බවයි.
එම නිවේදනය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ මාධ්‍යද අදාළ ප්‍රවෘත්තිය වාර්තා කරනු ලැබුවත් ලෝක බැංකුව පවසන්නේ තවමත් එවැනි තිරණයක් ගෙන නොමැති බවයි.
අධ්යක්ෂවරයා සිය ට්විටර් ගිණුමෙන් තවදුරටත් සඳහන් කළේ පවතින ව්‍යාපෘතිවලින් යම් සම්පත් ප්‍රතිනිර්මාණය කරමින් සහ ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ප්‍රතිපත්ති පිළිබඳව උපදෙස් දෙමින් සිටින බවත් හ අතීතයේ ප්‍රතිපත්ති ආපසු හැරවීමට උදවු කරන බවයි.