ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා
මෙරටට පැමිණෙන ඇතැම් විදේශීය සංචාරකයන් ඉතාමත් සුක්ෂම ලෙස මහාපරිමාණ ජාන මංකොල්ලකෑම්වල නිරතවන අවස්ථාවන් කළින් කළට වාර්තාවේ. තවත් එවැනි විශාල ජාන මංකොල්ලයක නිරත වු ඉරාන ජාතික විදේශිකයන් තිදෙනෙකු හා ලාංකිකයෙකු සිංහරාජ වනාන්තරයේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් ඉකුත් සතියේ වාර්තාවිය.
සිංහරාජයේ, ලංකාගම ප්‍රදේශයේදී ඉරාන ජාතිකයන් තිදෙනෙකු හා ශ්‍රි ලාංකිකයෙකු නෙළුව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලබනුයේ මෙරට සිදු වු තවත් විශාල ජාන මංකොල්ලයක තොරතුරු රැසක්ද සමගිනි. මෙම පිරිස සතුව කුඩාම කිනිතුල්ලන්ගේ සිට විශාල උරගයන් දක්වා විවිධ වර්ගවල ජීව මෙන්ම අජීවී සත්ත්ව කොටස් එකතුවක් සන්තකයේ තිබියදී හමුවිය.
ඒ අතර ගෙම්බන්, සර්පයන්, කෘමි සතුන් වර්ග, හතු වර්ග හා විවිධ ශාක කොටස් රැසක් මෙසේ ඔවුන් සන්තකයේ තබා ගෙන සිටියදී වනජීවී නිලධාරීන් සොයා ගෙන තිබිණි. ඊට අමතරව සතුන් ඇල්ලීමට උපයෝගි කර ගන්නා මෙවලම් රැසක්, විදුලි පන්දම්, කාච වර්ග, පාරාජම්බුල කිරණ සහිත ලාම්පු ඇතුළු විවිධ වර්ගයේ භාණ්ඩ හා උපකරණ රැසක්ද වනජීවී නිලධාරීහු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම සඳහා මුලික තොරතුරු වනජීවී නිලධාරීන්ට ලබා දී තිබුණේ ලංකාගම ප්‍රදේශයක හෝටලයක සේවකයෙකු වු සමන් කුමාර මහතාය.
ශාන් හුලංනුගේ
popular news
මාස 9න් පිදුන පොල් පැලය
අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර රජයේ තනතුරක් නෙමෙයි
කොටි සුනඛ ගැටුම ගැන පරික්ෂණයක්
හොරට වී කිරූ ව්‍යාපාරිකයා ගොවින්ගේ අතටම අසුවෙයි
රෝගී වේදනාව දරාගත නොහැකිව මවක් දුම්රිට පැන දිවි නසා ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd