ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් විදෙස් ගත ශ්‍රමිකයන් 40000ක් බලා සිටින බවත් එම 400000ක පිරිසෙන් 20000ක පිරිසක් සෞඛ්‍ය අංශවල මගපෙන්වීම අනුව රැක බලා ගැනීම තම පක්ෂයට හැකියාවක් ඇති බවත ජාතික ජන බලවේගය සඳහන් කරයි.
එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය.
“ආණ්ඩුවක වගකීම තියෙන්නේ තමන්ගේ රට තුළ ඉන්න පුරවැසියන් පමණක් නෙමෙයි. රටින් පිට ඉන්න පුරවැසියන් බලා ගැනීමත් ආණ්ඩුවේ වගකීම.
විශේෂයෙන්ම මේ අපහසුතාවට පත්වෙලා තියෙන්නේ මැදපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රමිකයන්. ඒ පුරවැසියන්ගේ අපි මවුබිමට ගෙනියන්න කියන ඉල්ලීම අතිශය මානුෂවාදී මෙන්ම යුක්ති සහගතයි.
මළකඳවත් තමන්ගේ බිරිඳට බලා ගන්න බැරිනම්, මළකඳවත් තමන්ගේ දරුවන්ට බලාගන්න බැරිනම් මොනතරම් අකාරුණිකද? මේ විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන ඒමට විධිමත් වැඩපිළිවෙළක් හැදිය යුතුයි.
අපි දේශපාලන පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගත්තා. දැනට වාර්තා වෙලා තියෙනවා 40000 ක පමණ ප්‍රමාණයක් ලංකාවට එන්න ඉල්ලුම් කරලා තියෙනවා කියලා. හරි ආණ්ඩුව 20000ක් භාර ගන්න අපි 20000ක් භාර ගන්නම්. දිස්ත්‍රික්කයකට 1000යි නේ අපිට ඒක පුළුවන්.
සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශයන් මත ඔවුන් අවශ්‍ය ආහාර, නිරෝධායන මගපෙන්වීම යටතේ අපි බලාගන්නම්. අපිට 20000ක් ගෙනත් දෙන්න”