කෝප් කමිටුවේ සභාපති ධුරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව කෝප් කමිටුවේ නව සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය .
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් කළුතරදී පැවැති මාධ්‍ය හමුවකදීය.
"ඉකුත් 14 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ඔවුන් සාකච්ඡා කළ බවත් ,එහිදී කෝප් කමිටුවේ වර්තමාන සභාපතිවරයා වන තමා දූෂණ චෝදනාවලට මෙන්ම විවිධ චෝදනාවලට ලක්වූ අයෙකු බවත් කියා සිටියා .
මේ වනවිට මට කිසිදු අධිකරණයක නඩුවක් හෝ චෝදනාවක් නැහැ .විජිත හේරත් මහතා සිදු කළ මෙම ප්‍රකාශය පිළිබඳව එන්තරවාසියක් යැවීමට කටයුතු කරනවා .ඉන්පසු අධිකරණ ක්‍රියා මාර්ග ගන්නවා .
ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මෙම ප්‍රකාශ කරනුයේ ඊර්ෂ්‍යාව නිසයි .කෙනෙකුට චෝදනාවක් කරන විට ඒ පිළිබඳව යම් අවබෝධයකින් කටයුතු කළ යුතුයි .
කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට අයිති එකක් බවට ඔවුන් ගෙන එන තර්කය වැරදියි .ඉතිහාසයේ අවස්ථා කීපයකදීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙම තනතුර හොබවා තිබෙනවා."