වතුගෙදර ආඳාදොළ දුම්රිය නැවතුම් පොළ අසල නිවසක මිදුලේ සිටි දුර්ලභ ගණයේ රෝස නාගයකු අද (29දා) දහවල් අල්ලා දෙහිවල සත්වෝදානයට භාරදීමට පදේශවාසීහු කටයුතු කළහ.
වතුගෙදර ආඳාදොළ නිවසක මිදුලේ සිටි මේ රෝස නාගයා අල්ලා ගැනීමට කටයුතු කළේ විෂකුරු සතුන් නිරුපද්‍රිතව අල්ලා වනයට මුදාහැරීමේ කටයුතුවල නිරතවන බලපිටිය හීනටියේ ඩබ්ලිව්.ඒ. ජැක්ෂන් මහතාය.
අල්ලාගත් රෝස නාගයාගේ ඡායාරූප වට්ස්ඇප් ආකාරයෙන් ගෙන්වාගත් දෙහිවල සත්ව උදයානයේ සර්ප අංශයේ නිලධාරීහු මේ නයා දුර්ලභ නයෙකු බැවින් වනයට මුදා නොහරින ලෙසත් සිය ආයතනයෙන් එන තෙක් ඌ ආරක්ෂා සහිත තබා ගන්නා ලෙසත් ඩබ්ලිව්.ඒ.ජැක්ෂන් මහතාට දැනුම් දුන්හ.
ඒ අනුව රෝස නයා වනයට මුදා නොහැර බෝතලයක දමා ආරක්ෂා සහිතව තබාගෙන දෙහිවල සත්වෝද්‍යානයට භාරදීමට ජැක්ෂන් මහතා කටයුතු කළේය.