කලුබෝවිල ප්රදේශයේ පවත්වාගන්න යනු ලබන රේස් ඔට්ටු පලක් බිද සේප්පුව කඩා මුදල් රුපියල් 213,800/= ක මුදලක් සොරාගන ගොස් ඇති බවට පැමිණිල්ලකට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කොහුවල පොලීසිය පැවසීය.
මෙම සොරකම.පසුගිය 15 වන දින අලුයම 2.30 ත්,පෙරවරු 8.30 ත් අතර සිදුවී ඇතැයිද සොරා එම කාර්යාලය ඉදිරිපස දොරේ විදුරු බිදදමා ඇතුලුවී කාර්යාලයේ ගබඩා කාමරයේ තිබූ උදෑල්ලක් හා අලවංගුවක් ගෙන සේප්පුව කඩා එහි තිබූ මෙම මුදල් පැහැරගෙන ගොස් ඇති බව උදෑසන කාර්යාලයට පැමිණි සේවකයෙකු දැක පොලීසිය වෙත මෙම පැමිණිල්ල සිදුකරනු ලැබ ඇත.
සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාර ප්රශන්න බ්රාහ්මණගේ, සහකාර පොලිස් අධිකාරී එම්.ඩී.ඩී.නිලංග යන මහතුන්ගේ අධීක්ෂණය මත කොහුවල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතා ඇතුලු අපරාධ අංශයේ නිලධාරීනවිසින් ආයතනය හා අවට සී . සී.ටී.වී.දර්ශණ උපයෝගි කරගෙන සිදුකරගෙන යනුද ලබයි .
එච්.එම්.ධර්මපාල