මුහුදු බඩ දුම් රිය මාර්ගයේ අම්බලන්ගොඩ දුම්රිය මාර්ගයේ කතා කර කර යමින් සිටි පාසල් ශියාවක් සහ ශිෂයෙක් අද (7) දින පස්වරුවේදී දුම්රියේ ගැටී තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ පධාන පාසල් දෙකක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි ශිෂයකු හා ශිෂයාවක් බවත් පවසන පොලීසිය ශිෂයා අම්බලන්ගොඩ හිරේවත්ත පදේශයේද ශිෂයාව අම්බලන්ගොඩ දෙල්දූව පදේශයේ පදිංචි අයවලුන් බවද පොලීසිය කියයි.
මේ දෙදෙනගෙන් පාසල් ශිෂයාවට බරපතල තුවාල සිදුව ඇති බවත් ශිෂයාට සීරීම් තුවාල පමණක් සිදුව තිබෙන බවද පොලීසිය කියයි.
දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබූ පාසල් ශිෂයාවට රෝහලට රැගෙන යනවිටත් සිහිමූර්චාවී සිටි බවද පොලීසිය කියයි.
මේ සිසුවා සහ සිසුවිය අම්බලන්ගොඩ නගරයේ අමතර පංතියකට සහභාගීවීමට යයි කියමින් සිය නිවෙස්වලින් පැමිණ සිටියදී මේ අනතුරට ලක්වී තිබෙන බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි