ශ්‍රී ලංකා රේගුවේ විවිධ අංශ මගින් සිදුකරන රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මෙයින් 3080 ක් වසර පහකට වඩා කාලයක් තිස්සේද ,4348 ක් වසර දෙකේ සිට හතර දක්වා කාලයක් තිස්සේද ,1022 ක් වසරක කාලයක් තිස්සේද නොවිසඳී ඇතැයි විගණන කාර්යාලය රේගුව සම්බන්ධයෙන් නිකුත්කළ විගණන වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
2015 සිට මෙම වසරේ ආරම්භය දක්වා අදාල මෙම විමර්ශන රේගුවේ ඉලෙක්ට්‍රොනික මධ්‍යගත තොරතුරු පද්ධතිය අනුව අනුව දක්වා ඇති ප්‍රමාණයන් බව රේගුවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට දන්වා ඇත.
මෙකී විමර්ශන ප්‍රමාදවීමෙන් අත් අඩංගුවට ගත් භාණ්ඩ නශ්‍ය වීම,හායනය වීම,ඔත්තුකරුවන් හා නිලධාරීන් අධෛර්යමත්වීම වැනි අවාසිදායක තත්වයක් ඇතිවී තිබෙන බැවින් විමර්ශන කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළයුතු බව විගණනයෙන් නිර්දේශ කර ඇත.