රථවාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් දස දහසක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අද (26) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිළධාරීන් භාරයට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉත්තැපාන පොලිස් ස්ථානයේ රථවාහන අංශ කොස්තාපල් වරුන් දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට පත්ව ඇති නිළධාරීන් දෙදෙනා, හෙල්මට් එකක් නොමැතිව යතුරු පැදියකින් යමින් සිටී පුද්ගලයකුගේ රියදුරු බලපත්රයක් භාරයට ගෙන ඇති බව සදහන් වේ.
එම වරද සමතයකට පත්කර රියදුරු බලපත්රය නැවත ලබාදීම සදහා එක් කොස්තාපල්වරයෙකු රුපියල් දස දහසක මුදලක් අල්ලසක් වශයෙන් අද දින පස්වරුවේ පොලිස් ස්ථානය තුලදී ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ.
සිද්ධියට සම්බන්ද අනෙක් කොස්තාපල්වරයා භාරයට ගෙන තිබූ රියදුරු බලපත්රය සිය නිළ ඇදුමේ සාක්කුවක දමාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිළධාරීන් ඉත්තෑපාන පොලිසිය තුලදී ප්රකාශ ලබාගනිමින් සිටින බව පොලිසිය සදහන් කරයි.