රුපියල් මිලියන එක්ලක්ෂ අසූපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් දෙසැම්බර් 18 දා පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 65 ,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 75, 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 45, 000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව සඳහන් කරයි.
වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම දෙසැම්බර් 18 දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් මහ බැංකුව නිවේදනය කරයි.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම දෙසැම්බර් 20 දා සිදුකිරීමට නියමිතය .
ජේ .ඉඳුරුවගේ