රුපියල් මිලියන එක්ලක්ෂ පනස් දෙදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (4) දා පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 70 000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 62 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 20 000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම සැප්තැම්බර් 06 දා සිදු කිරීමට නියමිතය.
ජේ.ඉඳුරුවගේ