රුපියල් මිලියන ලක්ෂයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (28) පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 50000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 30000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 20000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම අගෝස්තු 30 දා සිදු කිරීමට නියමිතය.