රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුතු නවීනතම ජංගම දුරකථන තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු ද සමග 04/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු මඩකළපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංච් 32 හැවිරිදි පුද්ගලයෙකි.ඔහු කළක් මැදපෙරදිග රාජ්‍ය ගනනාවක හෝටල් සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර මේ වනවිට මොහු විවිධ භාණ්ඩ මේ ආකාරයට මෙරටට රැගෙන ඒමේ ප්‍රවාහකයෙකු ලෙස කටයුතු කරන්නෙකු වශයෙන් රේගු නිලධාරීන් හදුනා ගෙන තිබේ.
මොහු 04/04 දින උදෑසන 06.30 ට ඩුබායි සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 03 තුළ සම්පූර්ණයෙන්ම මෙම ජංගම දුරකථන 528 පමණක් අසුරා ගෙන තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගත් නවීනතම ජංගම දුරකථන අතර ඇපල් අයි ෆෝන් , සැම්සුන් , ගූගල් පික්සල් , රෙඩ් මී වර්ගවල එකක් රුපියල් ලක්ෂ 05 කට අධික වටිනා දුරකතන ද , වැඩි වශයෙන් මේ අතර තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා අත් අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

