මහා භාණ්ඩාගාරයේ රු කොටි තුන්දහසක මුදල් වැය කර රට තුල ඉදි කිරිම් ගණනාවක් සිදු කර ඇති බවත්, එම ඉදි කිරිම් මෙතෙක් කිසිදු ප්රයෝජනයකට නොගෙන ඇති බව පරිසර සහ ස්භාවික සම්පත් තිරසර සංවර්ධන කමිටුවේ සමාජික සහ ගම්පහ දිස්ත්රික් පා.ම අජිත් මානප්පෙරුම (ස.ජ.බ) මහතා පැවසිය.
අජිත් මානප්පෙරුම මන්ත්රිවරයා ඒ බැව් කියා සිටියේ (13) දින හැටන් දුම්රිය ස්ථානයට අයත් ඉඩමක නාගරික සංවර්ධන අධිකාරිය මගින් රු මිලියන 400 ප්රතිපාදන වැය කර ඉදි කරන ලද තුන් මහල් ගොඩනගැල්ලක් වසර 3 කට ආසන්න කාලයක් කිසිදු ප්රයෝජනයකට නොගෙන තිබිම සම්බන්ධයෙන් පරිසර සහ ස්භාවික සම්පත් තිරසර සංවර්ධන කමිටුවේ අවධානය යොමු විමෙන් පසු අදාල ගොඩනැගිල්ල කඩිනමින් ජනතා අයිතියට පත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමට එහි පැමිණි අවස්තාවේදිය.
එම ගොඩනැගිල්ලේ පළමු මහල හැටන් දුම්රිය ස්ථානයේ ප්රවේශපත්ර කවුළුව වශයෙන් පවත්වාගෙන යාමටත් , සෙසු මහල් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පෞද්ගලික අංශයේ කටයුතු සදහා ටෙන්ඩර්පත් මගින් ලබා දි එහි අදායම රජයට ලබා ගැනිමට නියමිතය.
එම ගොඩනැගිල්ල ඉදි කිරිම සදහා මහ භාණ්ඩාගාරයෙන් ලබාදුන් මුදලින් 25% මුදලක් පමණක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් යලිත් මහ භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු බවත්, හැටන් දුම්රිය ස්ථානය සදහා ඉදි කල ප්රවේශපත්ර කවුළුවේ කටයුතු මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල ආරම්භ කරන බවයි මන්ත්රිවරයා කියා සිටියේ.
නව ගොඩනැගිල්ල නිරික්ෂණය කිරිමෙන් අනතුරුව අජිත් මානප්පෙරුම මන්ත්රිවරයා ඉදිරියේදි නාගරික සංවර්ධන අධිකාරිය මගින් දුම්රිය දෙපාර්තුමේන්තුව වෙත එම ගොඩනැගිල්ලේ පළමු මහල නිල වශයෙන් භාරදෙනු ලැබුහ.
මෙම අවස්තාවට දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරින් රැසක් සහ නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය.