පසුගිය පෙබරවාරි 27වැනිදා අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ දේහය කොළඹ 03 චාල්ස් ඩ්‍රයිවු අංක 02 ස්ථානයේ පිහිටි නිවසේ 29දා පස්වරු 02 දක්වා තැන්පත් කර තිබේ.
ඒ් මහතාගේ දේහය තැන්පත් කර ඇති නිවසට ඊයේ (28) පස්වරුවේ පැමිණි ජනාධිපති රනි් වික්‍රමසංහ මහතාද දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළ කර තිබිණි.
එසේම දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු 01 දින රුහුණු විශ්වවිද්‍යලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
1967 දී මාතර දෙවිනුවරින් පාර්ලිමේන්තුවට පිවිසි රොනී ද මෙල් මහතා රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කළ යුතු බවට මුල්වරට පාර්ලිමේන්තුවට යෝජනා කොට ඇත. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ මුදල් අමාත්‍ය ධූරය දැරූ හෙතෙම එම යෝජනාව ක්‍රියාවට නැංවීය. වර්ෂ 1977 වනවිට රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කෙරිණි. අද වනවිට රුහුණු විශ්වවිද්‍යාලයෙන් සිසුන් 50,000කට වැඩි පිරිසක් උපාධි ලබා තිබේ.
ඉනද්රමූර්ති ජයසූරිය