යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාව සිය හමුදාවෙන් සියයට 75ක් යොදවා ඇති බව විශේෂඥයෙක් පවසයි. ඒ අනුව සිසයට 40ක්ව තිබූ අගය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඔවුන් වැඩිකර තිබේ.
බීබීසී රේඩියෝ 4 හි ටුඩේ වැඩසටහනට ඇමෙරිකාවේ රාජකීය යුනයිටඩ් සර්විසස් ආයතනයේ ගොඩබිම් යුද්ධ සහ හමුදා විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙක් වන ආචාර්ය ජැක් වොට්ලින් මේ බව පවසයි.
රුසියානු හමුදා විශාල පිරිසක් බෙලාරුස් සිට දකුණට ඉදිරියට යමින් සිටින අතර කියෙව් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි වන පරිදි සිය බලඇණි සකස් කිරීමට පටන් ගෙන ඇති බව ඔහු පවසයි.
එසේම රුසියාව විසින් පොකුරු බෝම්බ භාවිත කර ඇති බවට සාක්ෂි ඇති බව ඔහු පවසයි.