අසර්බයිජානයේ සිට රුසියාව බලා ගමන් කරමින් තිබූ අසර්බයිජානයට අයත් ගුවන් යානයක් කසකස්ථානයේදි කඩා වැටි ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානය කඩා වැටෙන විට එහි ගුවන් කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු ඇතුළුව 67ක් ගමන් කර තිබේ. ගුවන් අනතුරින් 25 දෙනෙකු බේරි ඇති බවත් එයින් 22ක් රෝහල් ගත කර ඇති බවත් කසකස්ථාන ආපදා අමාත්‍යාංශය උපුටා දක්වමින් බි.බි.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.


