රුපියල් 500 ක් හොරෙන් ගත්තැයි වැඩිමහල් සොහොයුරාට අතින් පයින් පහරදී ඝාතනය කල බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්වත්ත උපෝසථාරාම පාරේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
පින්වත් උපෝසථාරාම පාරේ පදිංචිව සිටි ජයන්ත සිල්වා නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.
සැකකරු, මියගොස් ඇති වැඩිමහල් සොයුරා සහ මව සමඟ නිවසේ පදිංචිව සිටින අතර, රුපියල් 500 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිය වැඩිමහල් සොහොයුරාට ඉකුත් 13 දා පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පහර කෑමෙන් තුවාල ලබා සිටි තැනැත්තා ඉකුත් 21 දා පානදුර මූලික රෝහලේදී මියගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පින්වත්ත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්මනන්දන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය