රුපියල් මිලියන 155,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අගෝස්තු 07 දා පැවැත්වීමට ශ්රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.
මෙහිදී දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 55000 ක භාණ්ඩාගාර බිල්පත් ද දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 55000 ක භාණ්ඩාගාර බිල්පත්ද දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 45000 ක භාණ්ඩාගාර බිල්පත්ද නිකුත් කරන බව මහ බැංකුව පවසයි.
මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා මුදල් ගෙවීමේ කටයුතු අගෝස්තු 09 දා සිදුකිරීමට නියමිතය.
ජේ. ඉඳුරුවගේ