ගෙවී ගිය වසර කිහිපය තුලදී උතුරු පලාතේ විවිධ පුද්ගලයින් විසින් නීතිවිරෝධීව වත්කම් ඉපයීම සමබන්ධයෙන් සෙවීම සඳහා පොලිස්පති වරයාගේ නියෝගයන් පරිදි නීතිවිරෝධී වත්කම් වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් විශේෂ පරික්ෂණයක් ආරම්බ කොට ඇත.
මේ අනුව තලෙයි මන්නාරම ප්‍රදේශයේදී සැකකරුවෙකු විසින් 2019 වසරේ සිට නීතිවිරෝධීව උපයා තිබූ රුපියල් කෝටි 09 කට අධික වටිනකමින් යුතු වත්කම් තාවකාලිකව තහනම් කොට සැකකරු 02 දා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.
අදාල සැකකරු විසින් 2019 වසරේ සිට නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය ජාවරම් සිදුකරමින් උපයා ඇති වත්කම් සම්බන්ධයෙන් ලැබුනු තොරතුරකට අනුව ඊයේ දින නීතිවිරෝධී වත්කම් වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් හා තලෙයිමන්නාරම් පොලීසිය සැකකරුගේ නිවසට ගොස් පරික්ෂණ සිදුකරන ලදි.
එහිදී අදාල සැකකරු විසින් උපය ඇති වත්කම් නීත්‍යානූකූලව හෙලි කිරීමට අපොහොසත් වීම මත සැකකරු සතුව තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු සුඛෝපභෝගී කාර් රථයක්, රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුතු තලෙයිමන්නාරම් ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක්, රුපියල් කෝටි 05 කට අධික වටිනාකමින් යුතු මන්නාරම සින්නකඩේ ප්‍රදේශයේ පිහිටි නිවසක් සමග කඩකාමර 05 ක් දේපල පනතේ 2011 අංක 40 දරන පනතින් සංසෝධිත 2006 අංක 05 දරණ මුදල් විසුද්ධිකරන පනතේ ප්‍රතිපදන ප්‍රකාරව ක්‍රියාවිරහිත කොට සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු තලෙයිමන්නාරම් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ධීවර රැකියාව කරන අයෙකු වන අතර ඔහු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කොට අධිකරණ නියෝගයන් මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇතැයිද නීතිවිරෝධී වත්කම් වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් වැඩිදුරටත් පැවසීය.