ගාල්ල මාතර මාර්ගයේ පඹුරන ප්රදේශයේදී මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනයවු යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් ඊයේ (28) රාත්රි සිදුවු අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති බව මාතර පොලීසිය කියයි.
අනතුරින් තුවාල ලැබු පුද්ගලයා ප්රතිකාර සදහා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක්වු මාතර, වල්ගම ප්රදේශයේ පදිංචි මාතර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකී.
රාජකාරි නිමාකර නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට පත්ව අති අතර, මෘත ශරිරය මාතර රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි.
ඩබ්ලිව්.එල්. අනුර - හබරාදුව