වැල්ලවායේ ඩිපෝවට අයත් රන්දෙණියේ සිට වැල්ලවාය දෙසට ධාවනයවූ ලංගම බස්රථයක් ඉකුත් (24) වෙනිදා පෙ.ව 10.30 හදිසියේ තිරිංඟ අක්‍රීයවීම නිසා සිදුවීමට ගිය අනතුරක් රියදුරුගේ දක්ෂතාවයෙන් වළක්වාගැනීමට හැකි විය.
බස්රථයේ තිරිංඟ අක්‍රීයවී වේගය පාලනයකර ගැනීමට නොහැකි වූ අවස්ථාවේ බස්රථය මාර්ගයේ කාණුවට හරවා සිදුවීමට ගිය අනතුර මෙලෙස වළක්වාගෙන තිබිණි. මෙම අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.
වැල්ලවාය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක