ජාතික චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩය වන රිත්මා මණ්ඩලයට අයත්, සංස්ථාව සමග නිසියාකාරව ගනුදෙනු පවත්වාගෙන යන සියලුම සිනමා ශාලාවන්ට තුන් මසක කාලයක් සඳහා රු 100000 බැගින් වන සහන දීමනාවක් ලබාදිමට සංස්ථා සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් මත ක්‍රියාකරගෙන යන බව ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කරයි.
මාසයක් පාසා සේවක මණ්ඩල වැටුප් හා නඩත්තු කටයුතු සඳහා දීමනාවක් ලෙස රුපියල් 50000ක්ද, ඉතිරි රුපියල් 50000 දස මසක් තුළ කොටස් වශයෙන් ගෙවිය හැකි පොලී රහිත ණය මුදලක් ලෙසද ලබාදීමට කටයුතු සලසා තිබේ.
තවද චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශිල්පි විශ්‍රාම වැටුුප් ක්‍රමය යටතේ ශිල්පි/ශිල්පිනියන් 160කට මාසිකව ගෙවනු ලබන රුපියල් 5000ක දිමනාව අදාළ මාසයේ 03 දා ටපෙර ගෙවිමටද සභාපතිවරයා උපදෙස් දී තිබේ.
මේ අතර සිනෙස්ටාර පදනම මගින් රුපියල් 5000 වටිනා වියළා අහාර ද්‍රව්‍ය පාර්සල හා අත්‍යාවශ්‍ය ඖෂධ සැපයීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නැංවේ