පෞද්ගලික බැංකුවක රැකියා අවස්ථා ලබා දෙන බව පවසා මතුගම ප්‍රධාන පාසල් කිහිපයක් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් රවටමින් අන්තර්ජාලය හරහා ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව මතුගම පාසැල් කිහිපයකින් වාර්තාවේ.
මෙම කණ්ඩායම පළමුව පාසලට දුරකථන ඇමතුමක් ලබා දී සිසුන්ට මෙසේ අවස්ථාවක් ලබා දිය හැකි බවත් අනතුරුව සිසුන්ගේ පෞද්ගලික දුරකතනයන්ට අමතා එම රැකියාවට අවශ්‍යය ලැප්ටොප් පරිඝණකයක්ද ලබා දෙන බවත් පරිඝණක සපයන වෙළඳ ආයතනයකටද දුරකතනයෙන් අමතා පාසල් සිසුන් සඳහා ලැප්ටෝප් සැපයීමට අවස්ථාව ලබා දිය හැකි බව පවසා තිබේ.
කිසියම් සිසුවකු සිසුන් පරිඝණක සැපයීම් සිදු කරන ආයතනයෙන් තොරතුරු විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ එවැනි ව්‍යෘපෘතියක් පිළිබඳ බැංකුවකින් තම ආයතනයට කතා කළ බවයි. ඒ් අනුව බොහෝ සිසුන් ඔවුන්ගේ දැනුම් දීම අනුව බැංකු රැකියාවට අවශ්‍යය ලැප්ටෝප් පරිගණක සඳහා රුපියල් පහළොස් දහස බැගින් ඔන්ලයින් හරහා ඔවුන් දන්වා ඇති ගිණුමට බැර කර තිබේ. අනතුරුව අදාල පෞද්ගලික බැංකු ශාඛාවකට යන ලෙස ඔවුන් දන්වා ඇති අතර නමුත් එම බැංකුව එසේ කිසිදු රැකියා අවස්තාවක් ලබා දෙන සිදුවීමක් පිළිබඳ නොදන්නා බව පවසා තිබේ.
මෙම සිදු වීම පිළිබඳ මතුගම පොලිස් මුලස්ථානයෙන් විමසු වීට ඔවුන් පවසා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන්ම හජනයා අතර කතාබහ බුද්ධි අංශයට දැන ගැනීමට ලැබී තිබූවද මේ වට විට කිසිදු පැමිණිල්ලක් කිසිවකු සිදු කර නොමැති බවයි.
විශ්ව ගැමුණු ප්‍රියංකර