ශ්‍රී ලංකාව හා ශ්‍රී ලාංකික ජනතාව සමග සත්‍යවශයෙන්ම චීනය සිටගනීනම් චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කියන් රාසමානික්කම් කළ ප්‍රකාශයට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පිළිතුරු ලබා දී තිබේ.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මන්ත්‍රීවරයාගේ අවබෝධය වැරදි හා අසම්පූර්ණ බවයි.
මන්ත්‍රීවරයා නියෝජය කරන මඩකලපුව දිසත්රික්කයද ඇතුළුව ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනට මෙන්ම ජනතාවගේ ජීවිකාව වෙනුවෙන් වූ ආධාර සඳහා චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාලම සහායක් ලබාදී ඇති බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව මූල්‍යමය අර්බුදයකට ලක්වූ විට ඒ වෙනුවෙන් පළමුව ප්‍රතිචාර දැක්වූ රට වන්නේ චීනය බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
චීන ජනපතිවරායත්, චීන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට විවිධ අයුරින් සහාය දැක්වීමට තම කැමැත්ත පෙන්වා දි ඇති බවද තානාපති කාර්යාලය පවසයි.
දෙපාර්ශවයේම මූල්‍ය දෙපාර්තමේන්තු උසස් හා කාර්යමය මට්ටමෙන් සන්නිවේදනය කරමින් සිටින බවත් චීයේ මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සමග අප්‍රේල් මස සිට සාකච්ඡා කරමින් සිටින බවද ඔවුන් පෙන්වා දෙයි.
එසේම චීනයේ විවිධ බැංකුවල නියෝජිත පිරිස් ශ්‍රීලංකාවට පැමිණ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වූ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස්කරුවෙක් වශයෙන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට අනෙකුත් රටවල් උනන්දු කරන බවද චීනය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සෑම සාකච්ඡාවකටම චීනය ක්‍රියාකාරීව සහභාගි වී ඇති බවත් චීනය ශ්‍රී ලංකාවේ විශාලම ණය හිමියා නොවන බවත් ඔවුන් පවසයි.