ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (18දා) අලුයම 2.16ට අභ්‍යාවකාශය බලා සාර්ථකව ගමන් ඇරඹීය.
එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දුන්නේය.
එය රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියාහිදී අද අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීමට කටයුතු කළේය.
දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන අය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කළේය.
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව සමග තවත් චන්ද්‍රිකා දෙකක මෙසේ අභ්‍යාවකාශය බලා ගමන් කරවීය.



