හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා හා පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ඇවන්ට් ගාඩ් සමාගමෙන් කප්පම් ලබාගෙන තිබුණ බවත්, ඒ පිළිබඳ ලේඛන තමන් දුටු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘අද’ පුවත්පත හා සාකච්ඡාවකට එක්වෙමිනි.
“ඇවන්ට් ගාඩ් සිද්ධිය මොකක්ද කියලා මේ දවස්වල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ හෙළිදරව් වෙලා තියෙනවා. මමත් ගිහින් ඒකේ සාක්ෂි ලබා දුන්නා.
පැහැදිලි ලෙසම මම පෙන්වලා දුන්නා මට ඉදිරිපත් කරලා තිබුණ ලේඛන අනුව 'ඇවන්ට් ගාඩ්' සමාගමෙන් රාජිත සේනාරත්න ලක්ෂ 200ක් කප්පම් අරන් තියෙනවා කියලා. ඒක පගා නෙවෙයි. ෆොන්සේකා ලක්ෂ 350ක් කප්පම් අරන් තියෙනවා. එතකොට චම්පික රණවක ලක්ෂ 35ක් කප්පම් අරන් තියෙනවා. ඒවාට සාක්ෂි අල්ලස් කොමිසමේ තියෙනවා. ඒ සාක්ෂි මම දැක්කා.
සමහර චෙක්පත් ඉන්වොයිස් අත්සන් කරලා අරගෙන තියෙන්නේ. එතකොට එයාලට දුන්න කප්පම් මුදලේ ප්‍රමාණය මදි කියන පදනම මත ඔවුන් තව කප්පම් ඉල්ලලා තමයි මේ ගැටලුව ඇතිවෙලා තියෙන්නේ.
දූෂණ විරෝධියි කියන ඔය කණ්ඩායම මට කරපු බලපෑම තමයි ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට, මේ තිබෙන අවස්ථාවේ අපිට ජීවිතේට අත්අඩංගුවට ගන්න බැරි වෙනවා, එහෙම වුණොත් අපිට ඉදිරියට ආණ්ඩු කරගෙන යන්න බැරි වෙනවා, ඒක නිසා අත්අඩංගුවට ගන්න කියලා කිව්වා.
මම ඒකට විරුද්ධ වුණා. මම කිව්වා එහෙම කරන්න දෙන්න බෑ කියලා. මේක ප්රජාතන්ත්රවාදී රටක්. මිනිස්සු කවුරුහරි කෙනෙක් ජනාධිපති විදිහට තෝර ගන්නවා කියන එක ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්.මොකක්ද අපිට තියෙන අයිතිය ඒක නතර කරන්න.එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්මයාත් හිරකරගෙන ඉන්න ඕනිනේ 2015 මෛත්‍රීපාල මහත්මයට ජනාධිපති වෙන්න බැරිවෙන්න. එතුමා ඡන්දය පැවැත්වුවාණේ. ඒක තහවුරු කර ගන්න බැරි මිනිහෙක් පාර්ලිමේන්තුවට වද්දගන්න හොඳ නෑ.
අපිට එහෙම හැමදාම ජනාධිපතිකමේ, හැමදාම මන්ත්‍රීකමේ හැමදාම ඇමතිකමේ ඉන්න ඕනි කියන මානසික රෝගියෝ ටිකක් මේ රටේ ඉන්නවා. ඒක නිසා තමයි මේක සුද්ද කරන්න බැරි. ඒකට උදවු උපකාර කරන ජනතාවකුත් ඉන්නවා. පක්ෂ පාට කණ්ණාඩි දාගෙන ඉන්නේ ඒ මිනිස්සු. ඒක තමයි මේ රටට තියෙන හෙණේ" යැයි පැවසුවේය.
තඹ සතයක් හෝ ගෙන තිබෙනවානම් ඔප්පු කරන ලෙස අභියෝග කරනවා - පාඨලී
'ඇවන්ට්ගාඩ්' සමාගමෙන් තඹ සතයක් හෝ ගෙන තිබෙන බවට ප්‍රකාශ කරන්නේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙස සමගි ජනබලවේගයේ අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසීය.
පාඨලි චම්පික රණවක මහතාද 'ඇවන්ට්ගාඩ්' සමාගමෙන් රුපියල් පක්ෂ 35ක මුදලක් ලබාගත් බවට විජේදාස රාජපක්ෂ මහතා නගන චෝදනා පිළිබඳ 'අද' කළ විමසීමකදී රණවක මහතා මෙම අදහස් පළ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා,
"විජයදාස රාජපක්ෂ කියන්නේ පට්ටපල් බොරු. මම තඹ සතයක් හරි අරන් තියෙනවා නම් ඔප්පු කරල පෙන්වන්න කියලා මම අභියෝග කරනවා. විජේදාස ගත්ත ගණන් නම් අපි දන්නේ නෑ. හැබැයි හැසිරීමෙන් පේනවා ලොකු ගාණක් අරන් තියෙනවා කියලා. මට නම් කිසිම අවශ්‍යතාවක් නෑ 'ඇවන්ට්ගාඩ්' සමාගමෙන් මුදල් ගන්න." යනුවෙන්ද සඳහන් කළේය.
නවෝද්‍යා පවනි
මං ගැන කියන්න විජයදාස රාජපක්ෂ කවුද? - රාජිත
ඇවන්ට්ගාඩ් සමාගමෙන් රුපියල් ලක්ෂ 200ක මුදලක් ගත් බවට විජයදාස රාජපක්ෂ මහතා නගන චෝදනාව ඔප්පු කර පෙන්වන ලෙස සමගි ජනබලවේගයේ අපේක්ෂක, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ පිළිබඳව 'අද' කළ විමසීමකදී සේනාරත්න මහතා පවසා සිටියේ විජයදාස රාජපක්ෂ මහතා නම් ඇවන්ට්ගාඩ් සමාගමෙන් මුදල් ලබා ගෙන ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී ඔප්පු කර පෙන්වන බවත්ය.
"විජයදාස රාජපක්ෂ කියන්නේ ඇවන්ට්ගාඩ් සමාගමෙන් යැපෙන කෙනෙක්. ආණ්ඩුවේ ඉඳගෙන අපි මොකටද ඇවන්ගාඩ් එකෙන් සල්ලි ගන්නේ?. ඇවන්ට්ගාඩ් එක වෙනුවෙන් කතා කළේ අපි නෙමෙයි. විජයදාස රාජපක්ෂ තමයි ඇවන්ට්ගාඩ් එක වෙනුවෙන් කතා කළේ.
සෞඛ්‍ය ක්ෂේත්රයට උපරිම සේවයක් කරපු මට ඇවන්ට්ගාඩ් එකේ සල්ලි ඕන නෑ. එයා සල්ලි ගත්ත හැටි පින්තූර එක්කම තියෙනවා. එයා ජනාධිපති කොමිසමට ආවේ නැතුව එදා හිටියේ නිශ්ශංක සේනාධිපතිලගේ ගෙදර දවල් කෑමට ගිහිල්ලා.
මං ගැන කියන්න විජේදාස රාජපක්ෂ කවුද? අපි ඉස්සරහට ඔප්පු කරලා පෙන්වනවා විජේදාස රජපක්ෂ සල්ලි ගත්ත හැටි. මම අභියෝග කරනවා මම රුපියල් ලක්ෂ 200ක් ගත්තා කියන කතාව ඔප්පු කරලා පෙන්වන්න කියලා" යනුවෙන්ද සඳහන් කළේය.
නවෝද්‍යා පවනි
හැකිනම් ලේඛන ඉදිරිපත් කරන ලෙස අභියෝග කරනවා - ෆොන්සේකා
ඇවන්ට් ගාඩ් සමාගමෙන් තමා කප්පම් ලබා ගත් බවට ලිපි ලේඛන දුටුවේ යැයි හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බවත්, හැකි නම් එම ලේඛන ඉදිරිපත් කරන ලෙස තමා ඔහුට අභියෝග කරන බවත් සමගි ජනබලවේගයේ අපේක්ෂක හිටපු ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඇවන්ට් ගාඩ් සමාගම වැනි සමාගම්වලින් තමාට මුදල් ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද %අද^ පුවත්පත කළ විමසීමකදී ෆොන්සේකා මහතා සඳහන් කළේය.
එසේම විජයදාස රාජපක්ෂ මහතා සහ ඇවන්ට් ගාඩ් සමාගම ඉතා සමීප අයුරින් කටයුතු කර ඇති බවට තමා මීට පෙර අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් බව සඳහන් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,
"විජයදාස කියනවනේ මම ඇවන්ට් ගාඩ් සමාගමෙන් කප්පම් මුදල් ලබාගත්ත කියලා. ඒ සම්බන්ධ ලේඛනත් දැක්කා කියනවනේ. මම ඔහු අභියෝග කරනවා හැකි නම්, ඒ ලේඛන ඉදිරිපත් කරන්න කියලා. ඕන කෙනෙක්ට මේ වගේ බොරු කියන්න පුළුවන්.
විජයදාස හැමදාම කියන්නේ මේ වගේ බොරු. ඒ වගේම විජයදාස සහ ඇවන්ට් ගාඩ් සමාගම ඉතා සමීප අයුරින් කටයුතු කළ බවට මම මීට පෙර අවස්ථා කිහිපයකදී පෙන්නලා දුන්නා. ඒ ගැන මුළු රටම දන්නවා. අපි නම් ඔය ඇවන්ට් ගාඩ් වගේ සමාගම්වලින් මුදල් ඉල්ලන්න යන්නේ නෑ විජයදාසලා එහෙම කළාට" යැයිද වැඩිදුරටත් පැවසීය.
දිනේෂ් සමරකෝන්
VIDEO