ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවල සේවය කරන විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා පුද්ගලයන් සිටින බවත් ඔවුන් රට තුළ රඳවාගෙන එම සේවාවන් ලබා ගැනීම සඳහා ඉහළ වැටුප් ලබාදෙන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .
රටක මහ බැංකුවකට විශේෂිත වූ පුද්ගලයන් නොගත්විට සිදුවන විනාශය පසුගිය කාලයේ අප අත්විඳ තිබෙන බවද සියඹලාපිටිය මහතා පවසයි.
ඒ මහතා එම අදහස් පලකර සිටියේ මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේදී ඊයේ (18) පැවති ටැලන්ට් ෂෝ 2024 නිර්මාණ දැක්ම හා සම්මාන ප්රධානෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් ඒ මහතා අවධාරණය කර සිටියේ ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයින්ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී තිබෙන බවයි.
එම පනත ප්‍රකාරව මහ බැංකු සේවකයන් ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීම සිදු කරගෙන තිබෙන බවත් මහ බැංකුව වැනි මෙරට ආර්ථිකයේ තීරණාත්මක ආයතනයක විශේෂඥ දැනුම ඇති සුවිශේෂී පුද්ගලයන් සිටිය යුතු බව අමතක නොකළ යුතු බවද කීය.
මහජනතාව බදු බරෙන් පීඩා විඳිද්දී මහ බැංකුවේ පිරිස් පඩි වැඩි කර ගැනීම අසාධාරණ බව ප්‍රකාශ කරත් එහි දෙපැත්තක් තිබෙන බවත් උගත් දැනුම ඇති විශේෂිත පිරිස් රට හැර යන බවට චෝදනා එල්ල වන බැවින් එවැනි පිරිස් රට තුළ රඳවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මහ බැංකුවේ සිටින ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුද්ගලයන් අප රැකගත යුතුව තිබෙන බවද එසේ නොවුනහොත් විශාල ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවද පැවසීය.
රාජාසන කතාවේදී මුදල් අමාත්‍යංශය මගින් ජනාධිපතිවරයාට වැරදි දත්ත ලබා දුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මේ වන විට වාර්තාවක් සකස් කරගෙන යන බවත් එය ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
විශේෂඥ වෛද්‍ය ජෙසි අබ්බාස් ටැලන්ට් හබ් නිර්මාතෘ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වස්ලියා රමිස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ .