(UPDATE)
ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය.
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරනු ලැබූ පැමිණීල්ලකට අනුව අද (29) අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විද්‍යාගාර අංශයෙන් අධිකරණයට ඉදිරිපත් කළෝය.
ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනා යටෙ රාජාංගනයේ සද්ධා රතන හිමියන් ව ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර, ශ්‍රාවස්ති ප්‍රදේශයේ දී උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබේ.
පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයන්ට අදාළව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති අතර අද (29) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.