කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශක කටයුත්තකට පැමිණි උපදේශකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
එසේම මේ වන විට ඔහුගේ දරුවන් දෙදෙනාටද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
එක් ළමයෙක් අවුරුදු 11ක් වන අතර අනෙක් දරුවා අවුරුදු එක හමාරක දරුවෙක් වෙයි.
උපදේශකවරයා මල ගෙදරකටද සහභාගී වී ඇති අතර අවුරුදු 11ක් වන දරුවා පංති කිහපයකට සම්බන්ධ වී තිබේ. ඒ අනුව ඔහුගේ පංතියේ ළමුන් 70ක් ස්වයං නිරෝධානය කර තිබේ.
එසේම උපදේකවරයා එක්වූ මළ ගෙදරට පැමිණි 150ක් මේ වන විට ස්වයං නිරෝධානයට ලක්ව තිබේ. මරණ ගෙදරට අදාළව පැමිණි දාන ගෙදරකට සම්බන්ධ වූ 80ක් පමණ ස්වයං නිරෝධානයට ලක්ව තිබේ.