ජායාරූප- රාජාංගණය නුවන්කුමාර
කොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගණයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සිමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.
වැලිකඩ රෝගියා සමග ආරම්භ වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර ආශ්රිත රෝගීන් සහ ඔවුන්ගේ ස්පර්ශකයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සියල්ලම මේ වන විටද ගෙන ඇති බවද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
ඉදිරියේදිත් පොදු මහජනතාව සෞඛ්‍ය පිළිවෙත් දැඩිව අනුගමනය කරමින් ඒවාට අනුගත වෙමින් සිටිය යුතු බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.