රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සිය විරෝධය දක්වා තිබේ. මේ අවස්ථාවේදි වඩාත් සුදුසු වන්නේ ශ්‍රේණියෙන් පහළ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ප්‍රවාහන වියදම් සමනය කිරීමේ දීමනාවක් ලබාදීම බවද ඔහු සඳහන් කරයි.
“අද දවසේ අපගේ කණිෂ්ට රාජ්‍ය නිලධාරියාගේ සිට ඊට පහළින් සිටින සෑම දෙනෙක්ම රස්සාවට එන එක වියදමක්. ජනවාරි මාසයේ කාර්යාල ප්‍රවාහන සේවකයින් ආපු කෙනොගේ ජනවාරි ගණන 10000යි, මාර්තු 15000යි දැන් 20000යි.
සුළු සේවක මහතා රු. 40ට ආපු එක දැන් 120යි. ඒ මනුස්සයාගේ ගමන් විදයම එකතු කරලා දවල් කෑම වියදම ගත්තාම මාසේ අන්තිමට නෙමෙයි අවුරුද්දකටවත් සාරියක් සපත්තු දෙකක් ගන්න බැරි තත්ත්වයක ඉන්නේ කියලා මම දන්නවා.
ඒක එහෙම වුණාත් මම යම් රැස්වීමක ඉන්න කොට, අමාත්‍යවරු හතර පස් දෙනෙක් එක්ක. මට යම් පණිවිඩයක් ආවා රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමක් ගැන. මම කිව්වා මේ වෙලාවේ වැටුප් නොලබන මිනිස්සුන්ට කියලා අපිටත් ගුටිගස්සන්න ලෑස්ති වෙන්න සුදුසු නෑ මම කලින් කියපු කැටගරි වලට ප්‍රවාහන දුෂ්කරතා සමනය කිරීමේ දිමනාවක් ලබාදීම සුදුසු කියලා.
අවුරුදු 30ක රාජ්‍ය සේවයක හිටියානම් අපි හැමෝම අඩු වැඩි වශයෙන් මේ තත්ත්වයට වග කිව යුතුමයි. අපි කැමති වුණත් නැති වුණත් ලබන මාසේ වෙනකොට අපි කිදෙනවම තමයි.
අපි ඉන්නේ ගිනි කන්දක් උඩ. මට දැනෙන විට මේ අවස්ථාවේදී මඤ්ඤොක්කා දණ්ඩක් අහක දාන්නේ නැතිව බතල දණ්ඩක් නරක් වෙන්නේ නැතිව වගා කරන්න. ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයන් තමන් ඉන්න බිමට මොකක් හරි එකතු කළොත් අඩුම තරමේ එක වෑංජනයක් එක්ක හරි කන්න පුළුවන් වෙයි.
මිට වසරකට පෙර උදේට කිරි බීපු අපි දැන් අපේ ලැයිස්තුවෙන් ඒක අයින් වුණා. පාන් අපේ ලැයිස්තුවෙන් අයින් වුණා. හවසට කිඹුලා බනිස් එකක් අරගෙන යන එක අපේ ලැයිස්තුවෙන් අයින් වුණා. මේ පීඩාව අපිව සංකෝචනය කරලා අපිව යම් තැනකට ගෙනත් තියෙනවා.
තවත් ඈතට යනවා. අපිට තේරෙන්නම් ඒක එහෙම වෙන්නම ඕන. නැත්නම් අපි කවදාවත් හැදෙන්නේ නැති රටක්.
සියලු වරප්‍රසාද හැමෝම අවුරුදු 10කින් කල් දාගන්න සිදුවෙනවා. මේ රට ඇමෙරිකන් ඩොලර් 10000ක වත් එනකම් අපි කාටවත් අයිතියක් නෑ විශ්‍රාම වැටුප් දීමන හිමිකම, පාරිතෝෂිකය ඒවා දැන් ස්වයංක්‍රීයවම නෑ. බිලියන 17.5ක් විශ්‍රාම පාරිතෝෂිකය ගෙවන්න තියෙනවා.
ඒවා සංඛේත විතරයි. වාහන බලපත්‍රය කොලයක් විතරයි. ඒවා ගන්න පුළුවන් වෙන්නේ ඇමෙරිකන් ඩොලර් 10000කටත් ආවොත් විතරයි. මේ රටේ විධායකය, ව්‍යවස්ථාදායක ඉදන් ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරයා දක්වාම අමාත්‍යාංශ ලේකම්වරයා සිට හැම කෙනෙක් දක්වාම තමන් අද යමක් ලබනවානම් ඒක අවුරුදු 10කට කල් දාන්න ඕන. මගෙන් සියයට 12.5 කපනවානම් රජයේ නිල නිවසක ඉන්න හැම කෙනෙක්ම මොන තරා තිරකම හිටයන් ඒකයි තමන්ගේ ලයිට් බිලයි, වතුර බිලයි ගෙවන්න ඕන. හැම කෙනෙක්ම තමන්ගේ ප්රතිලාභ වසර 10කට තල්ලු කරන්න වෙයි. එහෙම නොවුණොත් අපි හැමෝටම ගුටි කන්න වෙයි.
මේ රට හඩ හඩා ඉල්ලන ප්‍රතිසංස්කරණ තමයි මේ කථා කරන්නේ. අපි තරම් උගත්, අපි තරම් දන්න අපි තරම් මොට්ට තරම් ඉවසන ජාතියක් කොහෙවත් නෑ. වහ වහාම කඩිනම් තත්වයකට යන්න ඕන.
මේවා සියල්ලම නීතියට යන්න ඕන. ජාතික ප්‍රතිපත්ති කුණු කූඩයට යන්නේ. අතිශය වගකීම් විරහිත සංවර්ධන ක්‍රම වේද පරිපාලන ක්‍රම වේද හා බදවා ගැනීමේ ක්‍රම වේද නිසයි මේ දේ වෙලා තියෙන්නේ.
උපරිම වශයෙන් විශ්‍රාම වැටුප දෙන්න පුළුවන් ලක්ෂ අටයි. හොදම ලක්ෂ පහයි. ලක්ෂ අටට වඩා යන හැම වෙලාවකම අපේ විශ්‍රාම වැටුප අවධානම්.
මේ වෙලාවේ හැම පල්ලියක්ම, පන්සලක්ම, කෝවිලක්ම වගා කරන්න ඕන. හැම පාසලක්ම වගා කරන්න ඕන. හැම රාජ්‍ය ආයතනයක්ම වගා කරන්න ඕන. හැමෝම වරප්‍රසාද කල්දාන්න ඉල්ලීම් කරන්න ඕන. අපි මේ රට හදන්න නම් හදපු එකේ කොටස් කාරයෙක් වෙන්න නම් අවුරුදු 10ක් කැප කරන්න ඕන. අපි වෙනුවෙන් නොවුණත් අනාගතය වෙනුවෙන්.”
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_235ae859b6.jpg)