එළැඹෙන අයවැයෙන් ජීවන තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන්ගේ සැලකිය යුතු වැටුප් වැඩි සිදු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ(09දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එම වැඩි කිරීම රුපියල් 25,000ක් ද නැද්ද යන්න පිළිබඳ අයවැය වනතෙක් ප්‍රකාශ කළ නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක – සමස්ත වියදමින් 33%ක් යනවා රජයේ සේවක පඩි සහ පෙන්ෂන්වලට. ඔබතුමන්ලා පඩි වැඩි කරනවා කියනවා. මේකත් එක්ක ඔබතුමන්ලා කොහොමද මේ ප්රශ්නය නිරාකරණය කරන්න යන්නේ?
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ – අපි දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා එළැඹෙන අයවැයේදී රාජ්‍ය සේවකයන්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් සිදු කරනවා පවතින ජීවන තත්ත්වයත් එක්ක.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක – පඩි වැඩි කිරීම සිදු කරනවා?
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ – අයවැයෙන් වැඩි කරනවා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක –ඒ කියන්නේ රු.25,000ක් ගෙවනවා?
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ –25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලා ගමු. කලබල වෙන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා.