මෙම වසරේ ඉදිරි කාලය තුළ රාජ්‍ය සේවක කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමේ හැකියාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කර සිටියේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් නැවත සිදුවනුයේ එළඹෙන වසරේදී වන බවයි. ඒ අනුව මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් සිදු කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමරවීර මහතා මෙසේ පැවසීය
"අපේ ආර්ථිකය තවමත් ස්ථාවර නැහැ. ඒ නිසා අපිට ඉදිරි කාලය ජය ගන්න නම් බොහෝ අපහසුතාවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. නමුත් ලබන වසරේ දී නැවත වැටුප් වැඩි වීමක් ලබා දීමට හැකි බව ජනාධිපති තුමා සඳහන් කළා. එම නිසා අනෙකුත් සියලු වෘත්තිය ගැටලුවලට විසඳුම් ලබා දෙනවා. නමුත් මෙම මුල්‍ය අර්බුදය නිසා ඇතිව තිබෙන තත්ත්වය මත වැටුප් වැඩිවීමක් ලබා දීමට නොහැකිවීම ගැන අපේ කණගාටුව ප්‍රකාශ කරනවා"