2022 වසරේ අතුරු අයවැය මගින් ආයතනික ප්රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපති කිරිමේ වැදගත්කම අවධාරණය කර ඇත.
එසේම ණය කළමණාකරණය ඉහළ නැංවීම හා පාරදෘශ්‍යභාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේදී ප්‍රමුඛතාගත ක්ෂේත්රයන් ලෙස හඳුනාගෙන තිබේ.
යෝජිත ණය කළමනාකරණ ආයතනය ස්ථාපති කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් තාක්ෂණික සහාය ලබාදී ඇත.
අදාළ පර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ණය කළමණාකරණය ප්රතිසසංක්රණ සැලසුම, ණය කළමනාකරණ ආයතනික රාමුහ හා නීතිමය රාමුම මේ වන විට සැලසුම් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය ණය කළමණාකරණ පනත් කෙටුමපත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක උපදෙස් දීමට වැඩ බලන මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.