රාජ්‍ය ආයතන නඩත්තු කිරීමට වසරකට රුපියල් බිලියන 450ක් වැයවන බව සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අකාර්යක්ෂම රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම සඳහා විවිධ යෝජනා ක්‍රියාත්මක කිරීමට සුදානම්මේ වීමේදී ඒවා කඩාකප්පල් නොකරන ලෙසද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ(21දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේබව පැවසීය.
රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ තිබෙන පාඩු ලබන වතු නඩත්තුවට වසරකට රුපියල් මිලියන 1500ක් මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමට සිදුව ඇති බවද කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම වසර 20ක කාලයක් තුළ ගෙවා නොතිබූ වතු සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් ගෙවීමට වත්මන් යහපාලන ආණ්ඩුව රුපියල් මිලියන 1800ක් වෙන්කළ බවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
රජයේ වතු සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නකල්ස් රක්ෂිතයේ කිසිදු ඉඩමක් කිසිම අවස්ථාවක ලබාදී නොමැති බවත්, ඒ ආශ්රිත රජයේ වැවිලි සංස්ථාවට අයත් ඉඩම් ලබාදීමට යෝජනාවී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
"නකල්ස් රක්ෂිතයට අයත් කිසිම ඉඩමක් අපි දීල නැහැ. චන්ද්‍රිකා මැතිණිය ඒකාලේ ඉඩම් අක්කර ලක්ෂ 05ක් පෞද්ගලික අංශයට දුන්නා. ඒත් මහනුවර, මාතලේ වතු කවුරුත් ගත්තෙ නැහැ. එදා ඉඳන් අද දක්වා මේ වතු නඩත්තුවට වසරකට රුපියල් මිලියන 1500ක් භාණ්ඩාගාරයෙන් වෙන්කරගන්න සිදුවෙලා තිබෙනවා. මේක ආණ්ඩුවට දරාගන්න අමාරුයි.
වතුවල සේවකයන්ට වසර 20කින් අර්ථසාධක ගෙවා තිබුණේ නැහැ. ඒවා ගෙවන්න යහපාලන ආණ්ඩුව රුපියල් මිලියන 1800ක් වෙන්කළා. මේ වතු නඩත්තු කරගන්න බැහැ. ඒනිසා වගා නොකරපු ඉඩම් තෝරාගෙන යෝජනා 250ක් හැදුවා.
පෞද්ගලික අංශයේ ඉල්ලන ඕනෑම කෙනෙකුට දෙන්න භාණ්ඩාගාරයේ කැමැත්ත අනුව හැදුවා. නමුත් නකල්ස් රක්ෂිතයේ එක බිම් අගලක් දීල නැහැ. රාජ්‍ය ආයතන නඩත්තු කරන්න බිලියන 450ක් යනවා. මේකයි සැබෑ තත්ත්වය. ඒනිසා අපි මෙවා ගොඩගන්න හදද්දි මේ ආයෝජන කඩාකප්පල් කරන්න හදන්න එපා කියලයි මම කියන්නේ."
