ජනාධිපති ධූරය සහ විපක්ෂ නායක ධූරය බෙදාගැනීම වෙනුවෙන් නාමල් සහ සජිත් අතර අශුද්ධ සන්ධානයක් පිහිටුවාගෙන ඇති බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
ඒ අනුව ජනාධිපතිවරණය ජයගැනීමට තමන්ට සහාය දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂට විපක්ෂනායක ධූරය ලබාදීමටත්, රාජපක්ෂවරුන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමටත් සජිත් ප්‍රේමදාස පොරොන්දු වී ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා
දුන්නේය.
සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ අද (18) කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය අඩාල කිරීමට කුමන අශුද්ධ සන්ධාන පිහිටුවා ගත්තත්, ඒ කිසිවක් සාර්ථක නොවන බවත්, මේ වන විටත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින බවත් ඒ මහතා පැවසීය