රයිස් කුකරයේ සුක්ෂමව කුඩු සඟවා රත්මලාන රස්ටම් වත්තේ කුඩු ජාවාරම සිදුකරගෙන ගිය බව කියන සැකකාර කතක් හෙරෝයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම්200 සමග ගල්කිස්ස පොලිස් කොට්ඨාශය පුරා පාන්දර තුනේ සිට උදෑසන අට දක්වා පැය හයකදී සිදු කළ විශේෂ වැටලීමකදී එගොඩ උයන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
සැකකාර කාන්තාව රයිස් කුරයේ යට පියනේ මෙම කුඩු සඟවාගෙන සිටි බව සඳහන් කරන පොලිසිය ඇය සන්තකව තිබී කුඩු අලෙවි කර උපයා ගත් මුදල් රුපියල් 48000ක් ජාවාරම සඳහා යොදාගත් ඇපල් වර්ගයේ දුරකථනයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය
සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ අරමුණින් මෙම විශේෂ වැටලීම මොරටුව එගොඩ උයන, අඟුලාන, මොරටු මුල්ල පොලීසි සම්බන්ධ කරගණිමින් මාර්ග බාධක තුනක් යොදවා සිදුකර ඇති අතර එහිදී එගොඩ උයනේ පොලිස් කණ්ඩායම මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත.
රස්ටම්වත්තේ කුළී නිවෙසක රැඳී සිටින සැකකාර කත ඩුබාහි වෙසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ධර්මේ හා සම්බන්ධව වෙමින් මෙම ජාවාරම සිදුකර ඇතැයි පොලිසිය පැවසීය.
වයස අවුරුදු පනහක් වන මෙම සැකකාර කතගේ සැමියා ඇය අතැර ගොස් ඇති අතර ඇයගේ දුව සහ පුතා ද මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන්නන් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම වැටලීම ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිසි අධිකාරිය මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් ස්ථානය තුනක් එකමුතුවෙන් සිදුකළ මෙම වැටලීමේදී මොරටුව ඒගොඩ උයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසක කෝරළ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන්වන 77426 දිසානායකය, 74428 ඉසුරු 94385 චන්ද්‍රික, 97157 ලක්ජනන කාන්තා පොලිස් කොස්තාපල් 12981 චමරි යන නිලධාරීහු සිදු කළහ
රේඛා තරංගනී ෆොන්සේකා