නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.
නීතිඥ කුමාර් දුනුසිංහ මහතා, නීතිඥ ඉන්දික වේරගොඩ මහතා, ආචාර්ය විතානගේ මහතා, කමිටු ලේකම් - නීතිඥ යසස් ද සිල්වා මහතා යන මහත්වරු මෙම කමිටුවට පත් කර තිබේ. කමිටුවේ වාර්තාව සති තුනක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා වෙත භාරදිය යුතු වෙයි.