බිත්තර මිල අඩු වීමත් සමග අද(29දා) මධ්‍යම රාත්‍රී 12 සිට බිත්තර ආශ්‍රිතව නිෂ්පාදනය කරන ආහාර පාන වල මිල අඩු කරන බව සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
අද(29දා) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ්රිත නිෂ්පාදනය කරන සියලු ආහාර පාන වල මිල පහත දැමීමකට ලක් කරනවා. රයිස් කොත්තු මිල රුපියල් 40කින් අඩු කරනවා. බිත්තර රෝල්ස් රුපියල් 20කින් අඩු කරනවා. රයිස් ඇන්ඩ් කරි බිත්තර රුපියල් 40කින් අඩු කරනවා. බිත්තර රොටී රුපියල් 30කින් අඩු කරනවා.