රටේ නායකයා ලෙස රනිල් වික්රමසිංහ මහතා පත්කර ගතයුතු යයි අද (23දා) පැවති කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් බල මණ්ඩල සභා රැස්වීම් පැවත්විණ.
කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සභාපති නුවන් සොමිරත්න මහතා ගෙන ආ මේ යෝජනාව එම බල මණ්ඩලයේ කමිටු ලේකම් මංගල කුමාර මහතා ස්ථීර කළේය.
එම යෝජනාව බල මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව සියලුදෙනම ඡන්දය ප්රකාශ කිරීමත් සමගම එය ඒකමතිකව සභා සම්මත විය.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත