කොරෝනා වසංගතය පැතිරීයාම පරීක්ෂා කිරීමට අදාළ පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
කොරෝනා වසංගතය හමුවේ කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක් නොකරන ලෙස ද වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හා ආසන සංවිධායකවරුන්ට පෞද්ගලිකවම නියෝග නිකුත් කර ඇත.
පළාත් පාලන ආයතන මගින් කොරෝනා වසංගතයට එරෙහිව පියවර ගන්නා අවස්ථාවලදී දේශපාලන වාසි ගැනීමට කටයුතු නොකරන ලෙසද වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.
වෛරසය පැතිරයාමට එරෙහිව සෞඛ්‍ය අංශ ගන්නා ක්‍රියාමාර්ගවලට කිසිදු දේශපාලනයකින් තොරව සියලු මන්ත්‍රිවරුන් සම්බන්ධ කරගෙන කටයුතු කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති උපදෙස්වල වැඩිදුරටත් සදහන්ය.